Monday 3 January 2011

SEO යනු කුමක්ද? SEO කරන්ඩ මුල් අඩිතාලම දෙවන කොටස! Inside SEO

මේ මුලින්ම මට සොරිවෙන්ඩ ඔනි ලනුවක් දුන්නට.   හරි හරි අපි ඔය ඔක්කොම අමතක කරමුකො. මට කලින් ලිපියේ InSide SEO ගැන කිව්වනෙ, ( ආ කලින් ලිපිය මෙතනින් බලන්ඩකො )ඒත් බලන්ඩකො ඒකෙත් හැටි මට කාරනා දෙක තුනක් අමතක වෙලානේ . ඇඩ්ඩින් මලය තමා මතක්කරල දුන්නෙ. ඉතින් ඒක නිසා මං outside SEO වලට කලින් inside SEO ලිපියේ ඉතුරුටික කියල ඉන්නන් හොදේ.

කලින් ලිපියේ මාතෘකාවක් දානතැනට එනකන් මං කියල දුන්නනේ අද ඉතුරුටික හොදේ. මේකයි අපි දාන ලිපියේ මැදට අපේ වෙබ් අඩවියට එන ලිපිනයන් (links) දාලතියන්ඩ ඔනි. එමගිනුත් අපේ SEO වැඩිවෙනවා ඒත් ඒහෙම ලිපිනයන් දාද්දි කෙලින්ම ලිපිනයක් දාන්නේ නෑ. එම ලිපිනයන් දාන්නේ මොකක් හරි වචනයකට. තේරුනේ නෑ නේද? මේකයි උදාහරනයක් විදිහට අපේ ලිපියේ අපි මෙවැනි කොටසක් දාල තියෙනව කියල හිතමු.

"අද ලංකාවට මුදල් එන ප්‍රදාන මාර්ගයක් ලෙස අපිට අන්තර්ජාල වෙබ් අඩවි ගතහැක. එම නිසා අපගේ රජයේ අවදානය වෙබ් අඩවි වල වෙළඳ දැන්විම් යෙදීම සහ වෙබ් අඩවි SEO කරනයට සහය දීම කෙරෙහි යොමුවී ඇත"

මෙන්න මේ ඇල අකුරින් කොටා ඇති චේදයේ තද කලු අකුරින් කොටල තියෙන වෙළඳ දැන්විම් සහ SEO  කියන වචන දෙක පේනවා නේද අන්න ඒ වචන උඩ එබුවාම ඔයාලව මගේම බ්ලොග් එකේ වෙන ප්‍රවර්ගයකට යනවා නේද, අන්න එහෙම තමා අපි අපේ වෙබ් අඩවියේ ලිපිනයන්, වචනයන් තුලට දාන්නේ. අයියො දැන් අහන්ඩ එපා කොහොමද එහෙම දාන්නේ කියල . හ්ම්... ඒකත් කියල දෙන්නන්කො නොදන්න අයට. හැබැයි පොඩි ප්‍රශනයක් තියෙනව මට මතක බ්ලොගර් වල ඔවා දාන විදිහ විතරයි. වලනන් මතක නෑ මොකද මං මගේ වෙබ් අඩවිය අතඇරල ගොඩක් කල්. ආ මෙන්න ලින්ක් එක බොරුනන් බලන්ඩකො.ආ කියල දෙන්න ඔනි නෑ මෙන්න මේ ලිපියේ 4වෙනි අංකයට තියෙන එක බලන්ඩකො එතකොට තේරුන් ගන්ඩ පුලුවන් කිසි ගින්නක් නැතුව Click here

හරි හරි අපි දැන් අපහු පාඩමට එමු. ඉගවට වැදගත්ම කාරනයක් තමා අපේ වෙබ් අඩවියේ විස්තරය අනිවාර්යෙන් දාන්ඩ ඔනි ඒ කිව්වේ අර වෙබ් අඩවියේ නමට යටින් පොඩි අකුරෙන් වැටෙන ටික අනේ. ඔය මගෙ බ්ලොග් එකේ නමට යටිනුත් තියෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම විදි අමු සිංහලෙන් දැනගන්න කියලා. මේ විස්තරය දාද්දි අපේ බ්ලොග් එකේ තියෙන ඒව හැම එකක්ම පුලුවන්තරන්  ආවරනය වෙන්ඩ දාන්ඩ ඔනී. උදාහරනයක් විදිහට අපි චිත්‍රපට පිලිබද වෙබ් අඩවියක් කරවනන් අපි චිත්‍රපට පිලිබද පුලුල් ආවර්නයක් ලැබෙන විදිහට අපේ වෙබ් අඩවි විස්තරය සකස් කරන්ඩ ඔනි.  like this : "Download latest HD high Quality all movies and fast download links of latest movies " ආ ඉගාවට ඔබ ඔබගේ වෙබ් අඩවියෙ දාන ලිපිවල වචන වැඩිකරන්ඩ එතකොටත් Search engine වල වැඩිපුර search වෙනවා. මේ outside SEO  අද කියන්ඩ නො ටයිම් ඒක හෙට අනිද්දා කියල දෙන්නන් හොදේ.

Read more...
Related Posts Plugin for WordPress, Blogger...

මෙම බ්ලොග් අඩවිය ගැන

අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම මාර්ගයන් ඔබට වැටහෙන අයුරින් සිංහලෙන් කියාදීමට උත්සහ කරමි.

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP