Wednesday 8 June 2011

නවතම සහ විශ්වසනීය ptc වෙබ් අඩවි හදුනාගමු. Legal ptc Sites

කස්ටියටම සුබ ආරංචියක් කියන්ඩ තියෙනවා. අපේ onbux සහ neobux වෙබ් අඩවි දෙක අක්‍රිය වීමනිසා ගොඩක් අය දුකෙන්නේ ඉන්නේ ඒකනිසා මං හොයාගත්තා ptc වෙබ් අඩවි වල තත්වය බලාගන්ඩයි අලුතෙන් විවෘර්ත වුනු ptc ගැන දැනගන්ඩයි පුලුවන් වෙබ් අඩවියක් . මේකෙන් ඔයාලට ලීගල් වෙබ් අඩවි හොයාගන්ඩ පුලුවන්. එහෙනන් හැපි අර්නින් වේවා.

මෙන්න වෙබ් අඩවිය : www.ptc-investigation.com

Read more...

Tuesday 7 June 2011

විශේෂ දැනුම්දීමයී! - onbux සහ onbux ක්‍රියාවිරහිතවී තිබේ.

විශේෂ දැනුම්දීමයී!!!
www.onbux.com ptc වෙබ් අඩවිය සහ www.onbux.com ptc වෙබ් අඩවිය මෙවනවිට ක්‍රියාවිරහිතවී තිබේ. එනිසා සියලුම සාමාජිකයන් මෙම වෙබ් අඩවිවල වැඩකිරීම නවතන ලෙස දන්වාසිටිමි. අලුත් ptc වෙබ් අඩවි සමුවූ විගස ඒ පිලිබදව දන්වමි. ස්තූතීයී.

Read more...

Tuesday 1 February 2011

පින්තූර අප්ලොඩ් කිරිම මගින් මුදල් උපයන හැටි /How To Earn Money By Sharing Photos And Pictures

 http://www.techsnack.net/wp-content/uploads/2007/12/shareapic.jpg

ආ... යාලුවනේ ගොඩ දවසකින් බ්ලොග් එකට ලිපියක් ලියන්නේ පහුගිය දවස්ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. සමාවෙන්ඩ ඔනි අදත් කියල දෙන්න යන්නේ SEO ගැනනන් නෙමේ වෙනමම සීන් එකක්. මන් පස්සේ දවසක SEO ගැන කියල දෙන්නන්කො. මේකයි සීන් එක. මේකත් අප්ලොඩ් කරලා සල්ලි හොයන විදිහක්. මේකේ අප්ලොඩ් කරන්න තියෙන්නේ පින්තූර. ඒ කියන්නේ ඔයාල අප්ලොඩ් කරන පින්තූර කවුරුහරි බලන හැම වාරයක් පාසාම ඔයාලගෙ ගිනුමට මුදල් එකතුවෙනවා. ඔයාලගේ ගිනුමේ ශේශය USD 20ක් වුනාම ඔයාලට මුදල් ගෙන්න ගන්ඩ පුලුවන්. ඔයාලට කරන්ඩ තියෙන්නේ පින්තූර අප්ලොඩ් කරලා ඒවා ප්‍රසිද්ද කරන එක ඒ කිව්වේ ෆොරූම් වල ඒ වගේම වෙබ් අඩවි වල ඔයාලගේ අප්ලොඩ් කරපු පින්තූර පලකරන එක. ඒක පලකරන්නේ මේ විදිහට


ඔන්න ඔයවගේ තමා ඔයාලා අප්ලොඩ් කරපු පින්තූර ප්‍රසිද්ද කරන්ඩ තියෙන්නේ. එතකොට කවුරුහරි ඔය පින්තුරේ උඩ කොටල පින්තුරේ ලොකු කරල බලන්ඩ ගියාම ඔයාලට සල්ලි හම්බුවෙනවා.
                                                                 ඔන්න ඉතින් තියරිය ඉවරයි. ප්‍රක්ටිකල් ටික ඔයාල අතේ තමා පුලුවන් තරන් ප්‍රසිද්ද කලොත් වැඩියෙන් සල්ලි හොයන්ඩ පුලුවන් එහෙනන් කැමති අය වැඩේ පටන්ගන්ඩ.ආ... තව පොඩ්ඩෙන් ඔක්කොම කියල වෙබ් අඩවිය නොකිය ඉන්නවා. මෙන්න මේකයි වෙබ් අඩවිය www.shareapic.net.මේ වෙබ් අඩවිය ආරක්ශිත විශ්වසනීය එකක් බය නැතුව වැඩේට බහින්ඩ. එහෙනන් හැපි අර්නින් හොදේ.
ලියාපදිංචිවෙන්ඩ මෙතන කොටන්ඩ.

අපැහැදිලි තැනක් තියෙනවනන් කතා පෙට්ටියේ කැගහල යන්ඩ මං පැහැදිලි කරල දෙන්නන්.

Read more...

Monday 3 January 2011

SEO යනු කුමක්ද? SEO කරන්ඩ මුල් අඩිතාලම දෙවන කොටස! Inside SEO

මේ මුලින්ම මට සොරිවෙන්ඩ ඔනි ලනුවක් දුන්නට.   හරි හරි අපි ඔය ඔක්කොම අමතක කරමුකො. මට කලින් ලිපියේ InSide SEO ගැන කිව්වනෙ, ( ආ කලින් ලිපිය මෙතනින් බලන්ඩකො )ඒත් බලන්ඩකො ඒකෙත් හැටි මට කාරනා දෙක තුනක් අමතක වෙලානේ . ඇඩ්ඩින් මලය තමා මතක්කරල දුන්නෙ. ඉතින් ඒක නිසා මං outside SEO වලට කලින් inside SEO ලිපියේ ඉතුරුටික කියල ඉන්නන් හොදේ.

කලින් ලිපියේ මාතෘකාවක් දානතැනට එනකන් මං කියල දුන්නනේ අද ඉතුරුටික හොදේ. මේකයි අපි දාන ලිපියේ මැදට අපේ වෙබ් අඩවියට එන ලිපිනයන් (links) දාලතියන්ඩ ඔනි. එමගිනුත් අපේ SEO වැඩිවෙනවා ඒත් ඒහෙම ලිපිනයන් දාද්දි කෙලින්ම ලිපිනයක් දාන්නේ නෑ. එම ලිපිනයන් දාන්නේ මොකක් හරි වචනයකට. තේරුනේ නෑ නේද? මේකයි උදාහරනයක් විදිහට අපේ ලිපියේ අපි මෙවැනි කොටසක් දාල තියෙනව කියල හිතමු.

"අද ලංකාවට මුදල් එන ප්‍රදාන මාර්ගයක් ලෙස අපිට අන්තර්ජාල වෙබ් අඩවි ගතහැක. එම නිසා අපගේ රජයේ අවදානය වෙබ් අඩවි වල වෙළඳ දැන්විම් යෙදීම සහ වෙබ් අඩවි SEO කරනයට සහය දීම කෙරෙහි යොමුවී ඇත"

මෙන්න මේ ඇල අකුරින් කොටා ඇති චේදයේ තද කලු අකුරින් කොටල තියෙන වෙළඳ දැන්විම් සහ SEO  කියන වචන දෙක පේනවා නේද අන්න ඒ වචන උඩ එබුවාම ඔයාලව මගේම බ්ලොග් එකේ වෙන ප්‍රවර්ගයකට යනවා නේද, අන්න එහෙම තමා අපි අපේ වෙබ් අඩවියේ ලිපිනයන්, වචනයන් තුලට දාන්නේ. අයියො දැන් අහන්ඩ එපා කොහොමද එහෙම දාන්නේ කියල . හ්ම්... ඒකත් කියල දෙන්නන්කො නොදන්න අයට. හැබැයි පොඩි ප්‍රශනයක් තියෙනව මට මතක බ්ලොගර් වල ඔවා දාන විදිහ විතරයි. වලනන් මතක නෑ මොකද මං මගේ වෙබ් අඩවිය අතඇරල ගොඩක් කල්. ආ මෙන්න ලින්ක් එක බොරුනන් බලන්ඩකො.ආ කියල දෙන්න ඔනි නෑ මෙන්න මේ ලිපියේ 4වෙනි අංකයට තියෙන එක බලන්ඩකො එතකොට තේරුන් ගන්ඩ පුලුවන් කිසි ගින්නක් නැතුව Click here

හරි හරි අපි දැන් අපහු පාඩමට එමු. ඉගවට වැදගත්ම කාරනයක් තමා අපේ වෙබ් අඩවියේ විස්තරය අනිවාර්යෙන් දාන්ඩ ඔනි ඒ කිව්වේ අර වෙබ් අඩවියේ නමට යටින් පොඩි අකුරෙන් වැටෙන ටික අනේ. ඔය මගෙ බ්ලොග් එකේ නමට යටිනුත් තියෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම විදි අමු සිංහලෙන් දැනගන්න කියලා. මේ විස්තරය දාද්දි අපේ බ්ලොග් එකේ තියෙන ඒව හැම එකක්ම පුලුවන්තරන්  ආවරනය වෙන්ඩ දාන්ඩ ඔනී. උදාහරනයක් විදිහට අපි චිත්‍රපට පිලිබද වෙබ් අඩවියක් කරවනන් අපි චිත්‍රපට පිලිබද පුලුල් ආවර්නයක් ලැබෙන විදිහට අපේ වෙබ් අඩවි විස්තරය සකස් කරන්ඩ ඔනි.  like this : "Download latest HD high Quality all movies and fast download links of latest movies " ආ ඉගාවට ඔබ ඔබගේ වෙබ් අඩවියෙ දාන ලිපිවල වචන වැඩිකරන්ඩ එතකොටත් Search engine වල වැඩිපුර search වෙනවා. මේ outside SEO  අද කියන්ඩ නො ටයිම් ඒක හෙට අනිද්දා කියල දෙන්නන් හොදේ.

Read more...

Wednesday 29 December 2010

SEO යනු කුමක්ද? SEO කරන්ඩ මුල් අඩිතාලම.



සොරි වෙන්ඩ ඔනි මචන්ලා ගොඩ දවසකින් මුකුත් ලියන්ඩ බැරිවුනාට, පොඩි සින් එකක් දන්නැද්ද ඉතින් නරක වයසනේ. හරි හරි දැන් මං අද කස්ටියට කියන්ඩ යන දේ ගැන කියන්නන්කො. අද මන් මේ ලමයින්ට කියල දෙන්න යන්නේ SEO ගැන, එහෙම කිව්වම පොඩි කික් එකක් තියෙනව නේද? හි..හී... මං හිතන්නේ ගොඩක් අය දන්නව SEO කියන්නෙ මොකක්ද කියල ඒත් දන්නේ නැති අයට කියන්නන්කො. මේකයි SEO කියන්නේ Search engine optimization ඒ කියන්නේ google, yahoo, ask වගේ සෙවීම් යන්ත්‍ර වලින් මුලින්ම දර්ශනය වෙන්ඩ අපේ බ්ලොග් එක හො වෙබ් අඩවිය ඉහල නැන්වීම. ආපෝ සමහර වචන වලට සිංහල වචන දනෙත් නෑ . ඒ වෙලාවට ඉතින් අපිට මදුර අයියගෙ පිහිට තමයි. අපි මොකක් හරි සර්ච් කරපුවාම ඉස්සෙල්ලම යන්නේ උඩින්ම සර්ච් වෙන වෙබ් අඩවි වලටනේ. අන්න ඒකනිසා අපිටත් සිද්දවෙනවා අපේ වෙබ් අඩවිය හො බ්ලොග් එකත් සෙවීම් යන්ත්‍රවල ඉදිරියට ගේන්ඩ. wordpress වලනන් SEO කරන්ඩ උදව් කරන plugins තියෙනවනේ, ඒ වුනාට බ්ලොග් කරන අයටනන් ඒ අවස්තාව නෑ.

 එහෙම අපගේ වෙබ් අඩවිය ඉදිරියට ගේන්ඩ විදි රාශියක් තියෙනවා. මේ ක්‍රම කොටස් දෙකකට බෙදල තියෙනව. බෙදුවෙ කවුදනන් දන්නේ නෑ ඒ වුනාට බෙදල තියෙනව හොදේ. ඒ විදි දෙක නම්. එකක් තමා inside SEO සහ අනෙක outside SEO. ඉන්සයිඩ් SEO එකේදී කරන්නේ අපේ වෙබ් අඩවිය ඇතුලතින් SEO කරන එක. මේක කරන්නේ මෙහෙමයි. අපි අපේ වෙබ් අඩවියට පුලුවන් තරන් ලිපි දාන්න ඔනි ඒ වගේම ඒ ලිපි වලට Labels කරන්නයි tag කරන්නයි අමතක කරන්නත් හොද නෑ,

ඒ වගේම වඩා වැදගත්ම දේ තමයි අපගේ ලිපි වලට හොදට සර්ච් වෙන මාතෘකාවක් දාන්ඩ ඔනි. අපි අපේ වෙබ් අඩවියේ දාන ලිපි කොහෙන් හරි උස්සපු එකක්නන් අපි ඒකෙ මාතෘකාව අනිවාර්යෙන්ම වෙනස් කරන්ඩ ඔනි මොකද නැත්තන් අපේ වෙව් අඩවියට කලින් මුල් ලිපිය තියෙන වෙබ් අඩවිය තමා සර්ච් වෙන්නේ. හැබැයි හොරකන් කරන්ඩ එපා හොදේ ඒක නරක වැඩක්නේ.

Outside SEO ගැන අනිද්දට කියල දෙන්නන් දැන් කම්මැලි . ආ මේ ඒ ලෙක්චර් එකනන් කට් කරන්ඩ එපා ලමයිනේ මොකද ඒක තමා වැදගත්ම කොටස , එහෙනන් අනිද්ද සෙට්වෙමු.

Read more...

Friday 24 December 2010

ලිපිගොනු අප්ලොඩ් කර මුදල් උපයමූ / Earn Money By Uploading


හ්ම්....... පාන්දර 3.30ටත් ලගයී. ඒත් තාම නින්ද යන්නේ නෑ. ඉතින් මන් හිතුව නිකන් කාලේ කකා ඉන්න එකේ මගේ යාලුවන්ට සල්ලි හොයාගන්න තවත් විදිහක් කියල දෙන්න හිතුවා.

මේකටනන් ටිකක් වේගෙ වැඩි අන්තර්ජාල සම්බන්ධයක් තිබිය යුතුයී. 512kb වේගෙන් වුනත් මේක කරන්ඩ පුලුවන් ඒත් ටිකක් කට්ට. මේක කරන්නේ මෙහෙමයි අපිට තියෙන්නේ ලිපිගොනු අප්ලොඩ් කර මුදල් උපයන්ඩයි. උදාහරනයක් ලෙස අප චිත්‍රපටයක් අප්ලොඩ් කරායැයී සිතුමු. මෙහිදී ඔබ අප්ලොඩ්කල චිත්‍රපටය බාන(download) වාරයක් වාරයක් පාසා ඔබට මුදල් ලැබේ. ඔබට කිරීමට තිබෙන්නේ ඔබගේ චිත්‍රපටයේ ලිපිනය(link) ප්‍රසිද්ද කිරීමය. එවිට ඔබගේ චිත්‍රපටය බාන හැම සැරේකට ඔබට මුදල් ලැබේ. ඔබගේ ලිපිගොනුවේ ප්‍රමානය අනුව ඔබට ගෙවන මුදල් ප්‍රමානය වෙනස්වේ.

එහෙත් ලංකාවේ අපිට ගොඩක් තියෙන්නේ වේගෙ අඩු අන්තර්ජාල සම්බන්ධතාය. ඉතින් ඒකනිසා එයට පිලියමක් ලෙස රිමොට් අප්ලොඩ් යනුවෙන් දෙයක් යොදාගත හැක. එනම් උදාහරනයක් ලෙස fileserve.com හි ගිනුමක් මගින් ඔබට චිත්‍රපටයක් අප්ලොඩ් කිරීමට උවමනායයි සිතමු. එහෙත් ඔබගේ අන්තර්ජාල වේගය අඩුය. එවිට ඔබට කිරිමට තිබෙන්නේ  medirfire.com වැනි වෙබ් අඩවියකින් ඔබගේ චිත්‍රපටය සොයාගෙන රිමොට් අප්ලොඩ් මගින් fileserve.com වෙත අප්ලොඩ් කල හැක.

මෙලෙස අප්ලොඩ් කර මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.
www.fileserve.com
www.ziddu.com
www.hotfile.com
www.easy-share.com





Read more...

Thursday 23 December 2010

PTC මගින් මුදල් ඉපයිම. OnBux මගින් මුදල් උපයන අයුරු



PTC වෙබ් අඩවි පිලිබදව දෑන ගෑනීමට අපගේ පලමු ලිපිය මෙතනින් කියවන්න.

PTC වෙබ් අඩවි අතරින් වඩා ප්‍රමුඛ සහ විශ්වසනීයම වෙබ් අඩවි අතරින් පලමු ස්තානයේ පසුවෙන්නේ OnBux සහ NeoBux යන වෙබ් අඩවි ය.

මේ අතරින් ලියාපදිංන්චි සමාගමක් වන OnBux වෙබ් අඩවිය වඩා විශ්වසනීය වෙබ් අඩවියකි. මෙහි ලියාපදිංචි වීමට ප්‍රතමව ඔබට www.alertpay.com ගිනුමක් අවශ්‍යවේ. ඉන්පසුව මෙතන කොටා වෙබ් අඩවියට පිවිස 'Register' යන බොත්තම මත කොටන්න. ඉන්පසුව එම අවශ්‍ය දත්ත පුරවා ලියාපදිංචි වියහැක.

ඉන්පසුව 'VIEW ADS' බොත්තම මත කොටා ඔබට වෙළඳ දැන්වීම් 4ක් ලබාගතහැක. පසුව එම වෙළඳ දැන්වීම් වරකට 1ක බැගින් ඔබට බැලියහැක. මෙසේ දවසකට වෙළඳ දැන්වීම් 4ක් ලැබේ. මෙලෙස $1.25ක් පමන උපයාගත් පසු ඔබ එම මුදලින් ඔබට Referrals කුලියට ගතහැක. එනම් ඔබට OnBux හි වැඩකරන ඔබ වැනි අය මිලදීගතහැක. එවිට ඔබ මිලටගත් OnBux සාමාජිකයින් දින 30ක් තබාගත හැක. මෙලෙස ඔබ මිලදී ගන්නා සාමාජිකයින් වෙළඳ දැන්වීම් බලන ප්‍රමානය අනුව ඔබට මුදල් ප්‍රමානයක් ලැබේ. එමෙන්ම Direct Referrals යනුවෙන්ද අපට ලබාගතහැක. එනම් අපගේ යහලුවන් හො යම් පුද්ගලයෙක් OnBux වෙබ් අඩවියට හදුන්වා දුන් පසු ඔවුන් බලනා වෙළඳ දැන්වීම් ප්‍රමානය අනුව ඔබට මුදල් ප්‍රමානයක් ලැබේ. නමුත් ඔබගේ Direct Referralsලට ඉන් කිසිදු පාඩුවක් සිදුනොවේ. ඔබට මුදල් ලබාදෙන්නේ OnBux මගිනි එනිසා Direct Referralsගේ මුදලට කිසිදු අඩුවක් සිදුනොවේ.


මෙලෙස ලැබෙන මුදල් නැවත නැවත ආයොජනය කර මිලට ගැනීම මගින් ඔබගේ ආදායම වැඩිකරයතහැක. මෙලෙස ආදායම වැඩිකරගෙන ඔබට මුදල් ගෙන්වාගත හැක.බොහොදෙනා මෙලෙස මාසෙකට $100කටත් වඩා උපයන පිරිස්  අද අප රටේද සිටී.

Read more...
Related Posts Plugin for WordPress, Blogger...

මෙම බ්ලොග් අඩවිය ගැන

අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම මාර්ගයන් ඔබට වැටහෙන අයුරින් සිංහලෙන් කියාදීමට උත්සහ කරමි.

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP