Wednesday 29 December 2010

SEO යනු කුමක්ද? SEO කරන්ඩ මුල් අඩිතාලම.



සොරි වෙන්ඩ ඔනි මචන්ලා ගොඩ දවසකින් මුකුත් ලියන්ඩ බැරිවුනාට, පොඩි සින් එකක් දන්නැද්ද ඉතින් නරක වයසනේ. හරි හරි දැන් මං අද කස්ටියට කියන්ඩ යන දේ ගැන කියන්නන්කො. අද මන් මේ ලමයින්ට කියල දෙන්න යන්නේ SEO ගැන, එහෙම කිව්වම පොඩි කික් එකක් තියෙනව නේද? හි..හී... මං හිතන්නේ ගොඩක් අය දන්නව SEO කියන්නෙ මොකක්ද කියල ඒත් දන්නේ නැති අයට කියන්නන්කො. මේකයි SEO කියන්නේ Search engine optimization ඒ කියන්නේ google, yahoo, ask වගේ සෙවීම් යන්ත්‍ර වලින් මුලින්ම දර්ශනය වෙන්ඩ අපේ බ්ලොග් එක හො වෙබ් අඩවිය ඉහල නැන්වීම. ආපෝ සමහර වචන වලට සිංහල වචන දනෙත් නෑ . ඒ වෙලාවට ඉතින් අපිට මදුර අයියගෙ පිහිට තමයි. අපි මොකක් හරි සර්ච් කරපුවාම ඉස්සෙල්ලම යන්නේ උඩින්ම සර්ච් වෙන වෙබ් අඩවි වලටනේ. අන්න ඒකනිසා අපිටත් සිද්දවෙනවා අපේ වෙබ් අඩවිය හො බ්ලොග් එකත් සෙවීම් යන්ත්‍රවල ඉදිරියට ගේන්ඩ. wordpress වලනන් SEO කරන්ඩ උදව් කරන plugins තියෙනවනේ, ඒ වුනාට බ්ලොග් කරන අයටනන් ඒ අවස්තාව නෑ.

 එහෙම අපගේ වෙබ් අඩවිය ඉදිරියට ගේන්ඩ විදි රාශියක් තියෙනවා. මේ ක්‍රම කොටස් දෙකකට බෙදල තියෙනව. බෙදුවෙ කවුදනන් දන්නේ නෑ ඒ වුනාට බෙදල තියෙනව හොදේ. ඒ විදි දෙක නම්. එකක් තමා inside SEO සහ අනෙක outside SEO. ඉන්සයිඩ් SEO එකේදී කරන්නේ අපේ වෙබ් අඩවිය ඇතුලතින් SEO කරන එක. මේක කරන්නේ මෙහෙමයි. අපි අපේ වෙබ් අඩවියට පුලුවන් තරන් ලිපි දාන්න ඔනි ඒ වගේම ඒ ලිපි වලට Labels කරන්නයි tag කරන්නයි අමතක කරන්නත් හොද නෑ,

ඒ වගේම වඩා වැදගත්ම දේ තමයි අපගේ ලිපි වලට හොදට සර්ච් වෙන මාතෘකාවක් දාන්ඩ ඔනි. අපි අපේ වෙබ් අඩවියේ දාන ලිපි කොහෙන් හරි උස්සපු එකක්නන් අපි ඒකෙ මාතෘකාව අනිවාර්යෙන්ම වෙනස් කරන්ඩ ඔනි මොකද නැත්තන් අපේ වෙව් අඩවියට කලින් මුල් ලිපිය තියෙන වෙබ් අඩවිය තමා සර්ච් වෙන්නේ. හැබැයි හොරකන් කරන්ඩ එපා හොදේ ඒක නරක වැඩක්නේ.

Outside SEO ගැන අනිද්දට කියල දෙන්නන් දැන් කම්මැලි . ආ මේ ඒ ලෙක්චර් එකනන් කට් කරන්ඩ එපා ලමයිනේ මොකද ඒක තමා වැදගත්ම කොටස , එහෙනන් අනිද්ද සෙට්වෙමු.

Read more...

Friday 24 December 2010

ලිපිගොනු අප්ලොඩ් කර මුදල් උපයමූ / Earn Money By Uploading


හ්ම්....... පාන්දර 3.30ටත් ලගයී. ඒත් තාම නින්ද යන්නේ නෑ. ඉතින් මන් හිතුව නිකන් කාලේ කකා ඉන්න එකේ මගේ යාලුවන්ට සල්ලි හොයාගන්න තවත් විදිහක් කියල දෙන්න හිතුවා.

මේකටනන් ටිකක් වේගෙ වැඩි අන්තර්ජාල සම්බන්ධයක් තිබිය යුතුයී. 512kb වේගෙන් වුනත් මේක කරන්ඩ පුලුවන් ඒත් ටිකක් කට්ට. මේක කරන්නේ මෙහෙමයි අපිට තියෙන්නේ ලිපිගොනු අප්ලොඩ් කර මුදල් උපයන්ඩයි. උදාහරනයක් ලෙස අප චිත්‍රපටයක් අප්ලොඩ් කරායැයී සිතුමු. මෙහිදී ඔබ අප්ලොඩ්කල චිත්‍රපටය බාන(download) වාරයක් වාරයක් පාසා ඔබට මුදල් ලැබේ. ඔබට කිරීමට තිබෙන්නේ ඔබගේ චිත්‍රපටයේ ලිපිනය(link) ප්‍රසිද්ද කිරීමය. එවිට ඔබගේ චිත්‍රපටය බාන හැම සැරේකට ඔබට මුදල් ලැබේ. ඔබගේ ලිපිගොනුවේ ප්‍රමානය අනුව ඔබට ගෙවන මුදල් ප්‍රමානය වෙනස්වේ.

එහෙත් ලංකාවේ අපිට ගොඩක් තියෙන්නේ වේගෙ අඩු අන්තර්ජාල සම්බන්ධතාය. ඉතින් ඒකනිසා එයට පිලියමක් ලෙස රිමොට් අප්ලොඩ් යනුවෙන් දෙයක් යොදාගත හැක. එනම් උදාහරනයක් ලෙස fileserve.com හි ගිනුමක් මගින් ඔබට චිත්‍රපටයක් අප්ලොඩ් කිරීමට උවමනායයි සිතමු. එහෙත් ඔබගේ අන්තර්ජාල වේගය අඩුය. එවිට ඔබට කිරිමට තිබෙන්නේ  medirfire.com වැනි වෙබ් අඩවියකින් ඔබගේ චිත්‍රපටය සොයාගෙන රිමොට් අප්ලොඩ් මගින් fileserve.com වෙත අප්ලොඩ් කල හැක.

මෙලෙස අප්ලොඩ් කර මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ.
www.fileserve.com
www.ziddu.com
www.hotfile.com
www.easy-share.com





Read more...

Thursday 23 December 2010

PTC මගින් මුදල් ඉපයිම. OnBux මගින් මුදල් උපයන අයුරු



PTC වෙබ් අඩවි පිලිබදව දෑන ගෑනීමට අපගේ පලමු ලිපිය මෙතනින් කියවන්න.

PTC වෙබ් අඩවි අතරින් වඩා ප්‍රමුඛ සහ විශ්වසනීයම වෙබ් අඩවි අතරින් පලමු ස්තානයේ පසුවෙන්නේ OnBux සහ NeoBux යන වෙබ් අඩවි ය.

මේ අතරින් ලියාපදිංන්චි සමාගමක් වන OnBux වෙබ් අඩවිය වඩා විශ්වසනීය වෙබ් අඩවියකි. මෙහි ලියාපදිංචි වීමට ප්‍රතමව ඔබට www.alertpay.com ගිනුමක් අවශ්‍යවේ. ඉන්පසුව මෙතන කොටා වෙබ් අඩවියට පිවිස 'Register' යන බොත්තම මත කොටන්න. ඉන්පසුව එම අවශ්‍ය දත්ත පුරවා ලියාපදිංචි වියහැක.

ඉන්පසුව 'VIEW ADS' බොත්තම මත කොටා ඔබට වෙළඳ දැන්වීම් 4ක් ලබාගතහැක. පසුව එම වෙළඳ දැන්වීම් වරකට 1ක බැගින් ඔබට බැලියහැක. මෙසේ දවසකට වෙළඳ දැන්වීම් 4ක් ලැබේ. මෙලෙස $1.25ක් පමන උපයාගත් පසු ඔබ එම මුදලින් ඔබට Referrals කුලියට ගතහැක. එනම් ඔබට OnBux හි වැඩකරන ඔබ වැනි අය මිලදීගතහැක. එවිට ඔබ මිලටගත් OnBux සාමාජිකයින් දින 30ක් තබාගත හැක. මෙලෙස ඔබ මිලදී ගන්නා සාමාජිකයින් වෙළඳ දැන්වීම් බලන ප්‍රමානය අනුව ඔබට මුදල් ප්‍රමානයක් ලැබේ. එමෙන්ම Direct Referrals යනුවෙන්ද අපට ලබාගතහැක. එනම් අපගේ යහලුවන් හො යම් පුද්ගලයෙක් OnBux වෙබ් අඩවියට හදුන්වා දුන් පසු ඔවුන් බලනා වෙළඳ දැන්වීම් ප්‍රමානය අනුව ඔබට මුදල් ප්‍රමානයක් ලැබේ. නමුත් ඔබගේ Direct Referralsලට ඉන් කිසිදු පාඩුවක් සිදුනොවේ. ඔබට මුදල් ලබාදෙන්නේ OnBux මගිනි එනිසා Direct Referralsගේ මුදලට කිසිදු අඩුවක් සිදුනොවේ.


මෙලෙස ලැබෙන මුදල් නැවත නැවත ආයොජනය කර මිලට ගැනීම මගින් ඔබගේ ආදායම වැඩිකරයතහැක. මෙලෙස ආදායම වැඩිකරගෙන ඔබට මුදල් ගෙන්වාගත හැක.බොහොදෙනා මෙලෙස මාසෙකට $100කටත් වඩා උපයන පිරිස්  අද අප රටේද සිටී.

Read more...

PTC හරහා මුදල් උපයන අයුරු


PTC යනු Pay-To-Click ඒ කියන්නේ ඔබ කරන click එකකට මුදල් ඉපයීමය. ඒ කියන්නේ ඒ ඒ වෙබ් අඩවි වලින් ඔබට වෙළඳ දැන්වීම් ප්‍රමානයක් දවසට බලන්ඩ දෙනවා. ඒ දැන්වීම් බලනවට ඔබට එම අඩවි විසින් ගෙවීමක් කරනුලෑබේ. ඔබට ලැබෙන් දැන්වීම තප්පර ප්‍රමානයක් බැලුවායින් පසු ඔබට $0.02 දවසකට ඒවගේ දැන්වීම් දවසකට 4ක් හො 5 ලැබේ. එවැනි වෙබ් අඩවි කිහිපයක් OnBux NeoBux HerBux මෙම වෙබ් අඩවි තුලින් ඔබට වෙළඳ දැන්වීම් ලබාගතහැක. ඔබගේ ශේශය $2.00 වු පසු ඔබට මෙම වෙබ් අඩවි වලින් මුදල් ගෙන්වාගතහැක. එලෙස මුදල් ගෙන්වාගැනීමට ඔබට  www.alertpay.com ගිනුමක් තිබියයුතුය, බොහොදෙනා කරනුයේ එලෙස ශේශය $2.00 වුනු වහාම මුදල් ගෙන්වා ගැනීමයි.නමුත් එලෙස මුදල් ගෙන්වානොගෙන තමාගේ මුදල් එම වෙබ් අඩවියෙහිම ආයොජනය කර ඔබට වැඩි ආදායමක් ලෑබියහැක.

මෙලෙස මුදල් ඉපයිය හැකි වෙබ් අඩවි කිහිපයක් සදහා ලියාපදිංචි වීමට පහල ඇති වෙබ් අඩවි වල ලිපිනයන් මත කොටන්න.
onbux.com
neobux.com
herbux.com

සැලකිය යුතුයි!!!
ඔබ යම් PTC වෙබ් අවඩියක ලියාපදිංන්චි වීමේදී ඔබ ඒ වෙබ් අවඩි පිලිබදව මනා සොයාබෑලීලක් කලයුතුය. මක්නිසාදයත් ඇතැම් වෙබ් අඩවි ඔබට මුදල් ගෙවීමෙන් පැහැර හරින නිසාය.

Read more...

Saturday 18 December 2010

වෙළඳ දැන්වීම් සමාගම් හා මුදල් ඉපයීම / blogger මගින් බ්ලොග් අඩවියක් නිර්මානය කිරීම තුන්වන සහ අවසාන කොටස! / The Top 10 Alternatives to Google Adsense


ඔබ නිර්මානය කරන ලද බ්ලොගය හො ඔබගේ වෙබ් අඩවිය SEO වීමට පටන්ගත් පසු ඔබට විවිධ වෙළඳදැන්වීම් යෙදීම මගින් ඔබට මුදල් උපයාගතහැක. ඒ සදහා බොහො පුද්ගලයන් තමන්ගේ වෙබ් අඩවිය හො බ්ලොගයේ අයිතිය වෙළඳදැන්වීම් සමාගම් වලට ලබාදෙයී. එලෙස ලබාදෙන සමාගම් අතර ප්‍රමුඛයා වශයෙන් සෑලකෙන්නේ google adsenseය.
 මෙම වෙබ් අඩවි මගින් ඔබගේ වෙබ් අඩවිය තුල වෙළඳදැන්වීම් ප්‍රචාරය කිරීමට සලස්වා එමගින් මුදල් උපයා ගෑනීමට පුලුවන්. මෙම වෙබ් අඩවි සමහරකගෙන් ලංකාවට මුදල් ගෙන්වා ගෑනීමේදී අතරමෑදියෙක් උවමනාවේ. ඒ සදහා බොහෝදෙනා පාවිච්චි කරන්නේ www.alertpay.com වෙබ් අඩවියයී.

එමෙන්ම මෙම වෙබ් අඩවි වලින් මුදල් ලෑබෙනුයේ ඔබගේ වෙබ් අඩවියට පෑමිනෙන්නන් එම වෙළඳදැන්වීම් බෑලුවොත් පමනි. google adsense එවන් වෙබ් අඩවියක්. එහෙත් Adbrite වැනි සමහර වෙබ් අඩවි මගින් දිනකට ඔබේ වෙබ් අඩවියට පෑමිනෙන්නන්ගේ ගනන අනුවද කිසියම් මුදලක් ඔබට පිරිනමයී. එහෙත් ඔබගේ වෙබ් අඩවියේ පෑමිනෙන්නන්ගේ ප්‍රමානය වෑඩිනම් ඔබට Google Adsense මගින් විශාල මුදල් ප්‍රමානයක් ඉපයිය හැක. එයට ඔබට මහන්සිවී ඔබගේ වෙබ් අඩවියේ SEO වෙන ප්‍රමනය වෑඩිකරගතයුතුය.
අවවාදයයී. ඔබ ඔබගේ වෙබ් අඩවියේ තිබේන වෙළඳදැන්වීම් බලා හො ඔබගේ මිතුරන් ලවා බෑලවීමට කටයුතු කලහොත් ඔබගේ ඒ වෙළඳදැන්වීම් ආයතනයේ ගිනුම් අවලන්ගුවී යාමටද ඉඩතිබේ!!

සමහර පුද්ගලයන් තමන්ගේ වෙබ් අඩවිය තුල වෙනස් ආකාරයේ වෙළඳදැන්වීම් පලකරනු ලබයි. එවෑනි වෙළඳදැන්වීම් මගින්ද විශාල මුදලක් ඉපයිය හෑක. උදාහරනයක් ලෙස ඔබගේ වෙබ් අඩවියේ චිත්‍රපට පිලිබද එවන් වෙළඳදැන්වීමක් දමා තිබූ විට කවුරුන් හො ඔබගේ වෙබ් අඩවියේ එම වෙළඳදැන්වීම හරහා ගොස් එම චිත්‍රපටය මිලදී ගතහොත් එවිට ඔබට ඉන් කොටසක් ලෑබේ. එවෑනි වෙළඳදැන්වීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් පහත දෑක්වේ.
 Amazon
HostMonster

එමෙන්ම සමහරු අතරමෑදියෙක් නොමෑතිව තමාම වෙළඳදැන්වීම් බාරගෙන මුදල් උපයනු ලෑබේ. එහෙත් මේ සදහා google PageRank සහ Alexa Rank ද දිනකට එන පිරිසෙහි ප්‍රමානයද අතිශයින්ම බලපායී. එහෙත් මහන්සි වී තමාගේ වෙබ් අඩවිය හොද තත්වයකට ගෙන ආවොත් මෙමගින් අතිවිශාල මුදලක් ඉපයිය හැක මක්නිසාද අතරමෑදියෙකු නොමෑතිනිසා මුලු මුදලම වෙබ් අඩවිය අයිතිකරුට හිමිවන නිසාය.

සැලකිය යුතුයි!!
ඔබ යම් ආයතනයක වෙළඳදැන්වීම් තම වෙබ් අඩවියේ ප්‍රචාරය කිරීමට පෙර ඔවුන්ගේ නීතිරීති පිලිබදව මනා අවබොධයක් ලබා සිටිය යුතුමය. ඒ මක්නිසාද ඔබ ඔවුන්ගේ නීතිරීති පිලිබද නොදෑන ඔවුන්ගේ නීතියක් කඩකලහොත් ඔවුන් ඔබගේ ගිනුම අත්හිටුවනු ලබයී. එවිට ඔබගේ සියලු මහන්සිය අපතේ යන බෑවිනි. එමෙන්ම ඔබ එම ආයතනයේ විශ්වසනීයත්වය පිලිබදවද සොයාබෑලිය යුතුය මක්නිසාද ඈතෑම් වෙබ් අඩවි මුදල් ගෙවීම මගහරින නිසාය. google adsense වෑනි සමාගම් 100% විශ්වසනීය සමාගම්ය එහෙත් ඒවායේ නීතිරීති ඉතා දෑඩි බෑවින් ප්‍රවේසමෙන් කටයුතුකල යුතුය.

Read more...

වෙළඳ දැන්වීම් සමාගම් හා මුදල් ඉපයීම / blogger මගින් බ්ලොග් අඩවියක් නිර්මානය කිරීම දෙවන කොටස!

අපි පලමු කොටසෙන් බ්ලොගයක් සාදන අයුරු දෑක්කා. මෙම කොටස මගින් බ්ලොග් එකක යමක් පලකරන හෑටි බලමු.

ඔබගේ බ්ලොගය සාදා අවසන් වුන පසු මෙවන් page එකක් ඔබට ලෑබේවී.

මෙහි START BLOGGING බොත්තම එබීම මගින් ඔබට බ්ලොගය ආරම්භ කලහැක.

ඉන් පසුව ඔබට ඉහත දෑක්වෙන ආකාරයේ page එකක් ලෑබෙනු ඈත. මෙම page එක තුල ඔබට ඔබ පලකරන ලිපියෙහි සියලු වෙනස්කම් කලහෑක.

  1. ඔබගේ ලිපියෙහි මාතෘකාව.
  2. ඔබගේ ලිපියෙහි ශරීරය. (අන්තර්ගත කරුනු, ලින්ක්ස් ආදිය.)
  3. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියට පින්තූරයක් එකතුකල හැක.
  4. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියෙහි තිබෙන වචනයකට ලින්ක් එකක් දමාගත හැක. "උදා: මෙතන කොටන්න."
  5. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියට වීඩියො එකක් එකතුකල හැක.
  6.  මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියෙහි තිබෙන වචන වල පිහිටීම වෙනස්කල හැක.
  7. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියෙහි තිබෙන වචන වල හැඩය වෙනස්කල හැක.
  8. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියෙහි තිබෙන වචන තද කලු කලහැක "උදා: මගේ රට ශ්‍රී ලංකාවයී."
  9. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියෙහි HTML code වෙනස්කල හැක.
  10. මෙම ලකුන මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපියට ලේබලයක් දෑමිය හෑක. මෙම ලේබල් ඔබගේ බ්ලොගය ප්‍රසිද්ද වීමට සහ google වෑනි search engine වල උඩින්ම search වීමට උපකාරවේ.
  11. මෙම බොත්තම මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපිය බ්ලොගයට එන අයට පෙනීම සදහා ඉදිරිපත්කල හැක.
  12. මෙම බොත්තම මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපිය Draft එකක් ලෙස save කර තෑබියහැක.
  13. මෙම බොත්තම මත කෙටීම තුලින් ඔබට ඔබගේ ලිපිය ආගන්තුකයන්ට විවෘර්තකිරීමට පෙර එහි පෙර දෑක්මක් ලබාගතහැක.

Read more...

වෙළඳ දැන්වීම් සමාගම් හා මුදල් ඉපයීම / blogger මගින් බ්ලොග් අඩවියක් නිර්මානය කිරීම පලමු කොටස!

වෙළඳ දැන්වීම් හරහා මුදල් ඉපයීමේදී පලමුව ඔබට වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් තිබිය යුතුය.මෙහිදී පලමුව ඔබට වෙබ් අඩවියක් සෑදීමට උවමනා නම් ඔබට පලමුව ඩොමේන් එකක් මිලදී ගැනීමට සිදුවේ. මේ සදහා ඔබට www.godaddy.com වෙබ් අඩවිය භාවිතාකලහැක. එමෙන්ම ඔබගේ වෙබ් අඩවිය සදහා හොස්ටින් එකක්ද මිලදී ගැනීමට ඔබට සිදුවේ. ඒසදහා ඔබට www.hostmonster.com වෙබ් අඩවිය භාවිතාකලහැක. අවවාදයයි මේ සම්භන්දව සාමාන්‍ය හො දැනීමක් නොමෑතිව අත්හදාබැලීමට යාමෙන් වලකින්න.

ඔබට වෙබ් අඩවියක් නොමැතිව බ්ලොග් අඩවියක් මගින්ද වෙළඳදැන්වීම් හරහා මුදල් ඉපයියහැක. ඒ සදහා ඔබට නොමිලේ බ්ලොග් අඩවියක් ලබාගතහැක.

ඔබට නොමිලේ බ්ලොග් අඩවියක් ගතහැකි වෙබ් අඩවි රාශියක් පවතී.
www.blogger.com
www.wordpress.com
www.www.thoughts.com
www.blog.com
www.com-x2.com

මේ අතරින් වඩා විශ්වසනීය සහ ජනප්‍රියම වෙබ් අඩවි වෙනුයේ www.blogger.com සහ www.wordpress.com යී.

www.blogger.com මගින් බ්ලොග් අඩවියක් නිර්මානය කිරීම.

මෙහිදී ඔබට www.google.com හො wwe.gmail.com තිබේනම් එහි username එක සහ password එක යොදාගනිමින් ඔබට blogger.com වෙබ් අඩවියට පිවිසියහෑක. එසේ නොමැතිනම් ඔබට මෙම වෙබ් අඩවියේ ලියාපදින්චි වීමට සිදුවේ. ලියාපදින්චි වී ඔබ වෙබ් අඩවියට ඇතුල්වුනුපසු ඔබගේ දකුනු අත පෑත්තේ ඉහල
Dashboard | My Account | Help | Sign out  යනුවෙන් ලැයීස්තුවක් දිස්වේ. එම ලැයීස්තුවේ ඇති Dashboard යන වචනය මත කෙටීම තුලින් ඔබට මෙවන් page එකක් ලබාගතහැක.


මෙහි ඇති Create a Blog වචනය මත කෙටීම තුලින් ඔබට මෙවන් page එකක් ලැබේ.
මෙහි Blog title එකට ඔබේ බ්ලොගයට දැමීමට කෑමති නම type කරන්න උදා: අන්තර්ජාලයෙන් මුදල් උපයමු.
. පසුව Blog address (URL) හි ඔබගේ බ්ලොගයේ ලිපිනය තොරාගන්න උදා: earnmoneyonline-lk . ඔබගේ ලිපිනයේ වලන්ගුතාවය Check Availability යන වචනය මත කෙටීම තුලින් බලාගතහැක. පසුව ඔබට දිස්වන ඉන්ග්‍රීසි අකුරු "උදා: exped" පහල තිබෙන කොටුවෙහි නිවෑරදිව type කර CONTINUE බොත්තම ඔබන්න.
එවිට ඔබට මෙවන් page එකක් ලැබේ.

මෙහිදී ඔබට ඔබගේ බ්ලොගයට කෑමති පසුබිමක් යෙදිය හැක. අවශ්‍ය පසුබිම තෝරාගෙන CONTINUE බොත්තම ඔබන්න.

දැන් ඔබ ඔබගේ බ්ලොගය සාදා අවසානයි!!

Read more...
Related Posts Plugin for WordPress, Blogger...

මෙම බ්ලොග් අඩවිය ගැන

අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම මාර්ගයන් ඔබට වැටහෙන අයුරින් සිංහලෙන් කියාදීමට උත්සහ කරමි.

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP