Wednesday 29 December 2010

SEO යනු කුමක්ද? SEO කරන්ඩ මුල් අඩිතාලම.



සොරි වෙන්ඩ ඔනි මචන්ලා ගොඩ දවසකින් මුකුත් ලියන්ඩ බැරිවුනාට, පොඩි සින් එකක් දන්නැද්ද ඉතින් නරක වයසනේ. හරි හරි දැන් මං අද කස්ටියට කියන්ඩ යන දේ ගැන කියන්නන්කො. අද මන් මේ ලමයින්ට කියල දෙන්න යන්නේ SEO ගැන, එහෙම කිව්වම පොඩි කික් එකක් තියෙනව නේද? හි..හී... මං හිතන්නේ ගොඩක් අය දන්නව SEO කියන්නෙ මොකක්ද කියල ඒත් දන්නේ නැති අයට කියන්නන්කො. මේකයි SEO කියන්නේ Search engine optimization ඒ කියන්නේ google, yahoo, ask වගේ සෙවීම් යන්ත්‍ර වලින් මුලින්ම දර්ශනය වෙන්ඩ අපේ බ්ලොග් එක හො වෙබ් අඩවිය ඉහල නැන්වීම. ආපෝ සමහර වචන වලට සිංහල වචන දනෙත් නෑ . ඒ වෙලාවට ඉතින් අපිට මදුර අයියගෙ පිහිට තමයි. අපි මොකක් හරි සර්ච් කරපුවාම ඉස්සෙල්ලම යන්නේ උඩින්ම සර්ච් වෙන වෙබ් අඩවි වලටනේ. අන්න ඒකනිසා අපිටත් සිද්දවෙනවා අපේ වෙබ් අඩවිය හො බ්ලොග් එකත් සෙවීම් යන්ත්‍රවල ඉදිරියට ගේන්ඩ. wordpress වලනන් SEO කරන්ඩ උදව් කරන plugins තියෙනවනේ, ඒ වුනාට බ්ලොග් කරන අයටනන් ඒ අවස්තාව නෑ.

 එහෙම අපගේ වෙබ් අඩවිය ඉදිරියට ගේන්ඩ විදි රාශියක් තියෙනවා. මේ ක්‍රම කොටස් දෙකකට බෙදල තියෙනව. බෙදුවෙ කවුදනන් දන්නේ නෑ ඒ වුනාට බෙදල තියෙනව හොදේ. ඒ විදි දෙක නම්. එකක් තමා inside SEO සහ අනෙක outside SEO. ඉන්සයිඩ් SEO එකේදී කරන්නේ අපේ වෙබ් අඩවිය ඇතුලතින් SEO කරන එක. මේක කරන්නේ මෙහෙමයි. අපි අපේ වෙබ් අඩවියට පුලුවන් තරන් ලිපි දාන්න ඔනි ඒ වගේම ඒ ලිපි වලට Labels කරන්නයි tag කරන්නයි අමතක කරන්නත් හොද නෑ,

ඒ වගේම වඩා වැදගත්ම දේ තමයි අපගේ ලිපි වලට හොදට සර්ච් වෙන මාතෘකාවක් දාන්ඩ ඔනි. අපි අපේ වෙබ් අඩවියේ දාන ලිපි කොහෙන් හරි උස්සපු එකක්නන් අපි ඒකෙ මාතෘකාව අනිවාර්යෙන්ම වෙනස් කරන්ඩ ඔනි මොකද නැත්තන් අපේ වෙව් අඩවියට කලින් මුල් ලිපිය තියෙන වෙබ් අඩවිය තමා සර්ච් වෙන්නේ. හැබැයි හොරකන් කරන්ඩ එපා හොදේ ඒක නරක වැඩක්නේ.

Outside SEO ගැන අනිද්දට කියල දෙන්නන් දැන් කම්මැලි . ආ මේ ඒ ලෙක්චර් එකනන් කට් කරන්ඩ එපා ලමයිනේ මොකද ඒක තමා වැදගත්ම කොටස , එහෙනන් අනිද්ද සෙට්වෙමු.

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...

මෙම බ්ලොග් අඩවිය ගැන

අන්තර්ජාලය හරහා මුදල් උපයන සියලුම මාර්ගයන් ඔබට වැටහෙන අයුරින් සිංහලෙන් කියාදීමට උත්සහ කරමි.

  © Blogger templates Newspaper III by Ourblogtemplates.com 2008

Back to TOP